ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 04ක් හෙට (31) දිනයේ සිට මෙරට භාවිතය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල්,
මයික්‍රෝන 20ට අඩු ලන්ච් සීට්, සැෂේ පැකට් (ආහාර හා ඖෂධ නොවන) , කොට්න් බඩ් හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද ඊට අයත් වේ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා
මේ සම්බන්ධව ඊයේ (29) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, ඉහත සඳහන් කළ ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය කිරීම
හෙට (31) සිට තහනම් කර ඇති බවය.
සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සළකා බලමින් දැනට නිපදවා අවසන් කර ඇති අදාළ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මාස තුනක් වැනි කෙටි
කාලයක් ලබා දෙන බව ද අවධාරණය කර ඇත.
අමාත්‍යවරයා එම නිෂ්පාදන අපනයනය සඳහා කිසිදු බාධාවක් පනවා නොමැති බව ද අවධාරණය කර සිටියේය.