Home දේශීය පුවත් උණුසුම් පුවත් සියලු කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව තර කෙරේ

සියලු කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව තර කෙරේ

0
සියලු කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව තර කෙරේ

එළඹෙන මහා සිකුරාදා සිට පාස්කු ඉරිදා දක්වා සියළුම කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමට විශේෂ ආර‍ක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

දේවස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි අංශ නිලධාරීන්ද යෙදවෙන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

දේවස්ථාන ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන දැනුවත් කරමින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාද මේ වන විට විශේෂ පොලිස් නියෝගයක් දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම යොමුකර තිබේ. ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායද ආරක්ෂාවට යෙදවෙන බව සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here