තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දු-ලංකා මුදල් ඇමතිවරු අතර සාකච්ඡා

    ඉන්දු-ලංකා මුදල් ඇමතිවරු අතර සාකච්ඡා

    ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර අද (01) නවදිල්ලියේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

    එහිදී ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ ක්‍රම පිළිබඳ සොයාබැලුණු අතර ඉන්දියාව සිය ආර්ථික සහයෝගීතා වැඩසටහන් හරහා විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහයෝගය පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ස්තුතිය පුද කළේය.

    වෘත්තියෙන් ආර්ථික විද්‍යාඥවරියක් වන නිර්මලා සීතාරාමන් මහත්මිය 2019 මැයි මාසයේ සිට ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇත.

    ඊට පෙර ඇය 2017 සිට 2019 දක්වා එරට ආරක්ෂක අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. සීතාරාමන් මහත්මිය මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ස්වාධීන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කර ඇත.

    භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල ආටිගල මහතා, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඇතුළු නිලධාරීහු ද සාකච්ඡාවට සහභාගි වූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img