දකුණු අප්‍රිකාවෙන් සොයා ගැණුනු ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්විය නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
නමුත් මෙම වයිරස් ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම ප්‍රමාද කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගතයුතු බවද ඇය සදහන් කළාය.
එසේ නොවුනොත් එම වයිරස් ප්‍රභේදය ඉතාම ඉක්මනින් මෙරටට ඇතුළුවනු ඇතැයිද ඇය පැවසුවාය.
අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සදහන් කර සිටියේ මෙම නව වයිරස ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යන බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු හඟවා ඇති බවය.
මෙම නව වයිරස් ප්‍රභේදයට බියවීමෙන් පළක් නැති බවත් ආරක්ෂාව සඳහා නිරන්තරයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවද ඇය පැවසුවාය.