තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටින්කරින් ලසන්ත පොලිස් අත්අඩංගුවේදී මියයාම නීතිවිරෝධී ඝාතනයක් - නීතිඥ සංගමය

    ටින්කරින් ලසන්ත පොලිස් අත්අඩංගුවේදී මියයාම නීතිවිරෝධී ඝාතනයක් – නීතිඥ සංගමය

    එච්.එල්. ලසන්ත හෙවත් ටින්කරින් ලසන්ත නමැත්තා පොලිස් අත්අඩංගුවේදී මිය යාම නීතිවිරෝධී ඝාතනයක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

    එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

    2021 නොවැම්බර් 25 වැනිදා රාත්‍රියේ නීතිඥ සඳහා ආරියදාස මහතා නීතිඥ සංගමය සභාපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් එච්.එල්. ලසන්ත හෙවත් ටින්කරින් ලසන්ත නම් ඔහුගේ සේවාදායකයකු කළුතර කොට්ඨාසයේ පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව හා ආයුධ අත්අඩංගුවට ගැනීමට ගිය විටදී විට දී ඇති වන වෙඩි හුවමාරුවකින් මියගිය බවට ඇඟවෙන පරිදි පොලිසිය විසින් තම සේවාදායකයා ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බවට තොරතුරු ඔහුට ලැබී ඇති බවයි.

    කෙසේ වෙතත් නොවැම්බර් 26 වැනි දින මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවේ සැකකරු ආයුධ අත්අඩංගුවට ගැනීමට ගිය විට දී වෙඩි වැදී මියගිය බවයි.

    නැවත වතාවක් ශ්‍රී ලංකා පොලිසිය නීති විරෝධී ඝාතනයන් සමඟ සම්බන්ධව ඇත.

    එම ඝාතන සිදු වන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වාර්තාව පරීක්ෂාවට ලක් වෙමින් තිබෙන වකවානුවකය.

    බිඳ වැටෙන දවැටෙන මානව හිමිකම් තත්ත්වය රටටත් ආර්ථිකයත් තර්ජනාත්මක ප්‍රතිඵල නිර්මාණය කිරීමට ඉඩ ඇති පසුබිමක් තුළය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. මේ කාලකණ්ණි මැරවරයින් නිසා මානව හිමිකම් අහිමිවෙන සාමාන්‍ය මිනිස්සු ගැනව්කවුද කතාකරන්නේ ? නීතිඤයෝ ගැන කුමන කතාද ? මිනීමරු ත්‍රස්තවාදීන් වෙනුවෙනුත් ඔවුන් නඩු කතාකරනවනේ සල්ලි වලට. ඒගොල්ලන්ගේ වෘත්තියේ ගරුත්වය වත් රැකගන්නේ නැති මේමිනිස්සු හැසිරෙන්නේ කොහොමද කියල රටේ මිනිස්සු හහොඳටම දන්නවා. සමාජයේ දැඩි අප්‍රසාදයට පත්වී සිටින තවත් කොටසක් තමයි නීතිඤයෝ කියන්නේ.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img