තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අපේ දේශපාලනය නවත්වන්න කාටවත් බැහැ"

    “අපේ දේශපාලනය නවත්වන්න කාටවත් බැහැ”

    ආණ්ඩුවේ ඇතුලේ හිටියද පක්ෂයක් ලෙස තම පක්ෂයට දේශපාලනය කිරීමට ඇති අයිතිය කාටවත් නවත්වන්න පුලුවන්කමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

    එබැවින් පක්ෂය නැවත වතාවක් ශක්තිමත් කිරීම වෙනුවෙන් කාගෙන්වත් අවසර ගතයුතු නැතැයිද ඔහු සදහන් කළේය.

    රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    මහින්ද මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට තමයි යුද්ධය ජයග්‍රහණය කලේ.ඒ යුධ ජයග්‍රහණයේ අයිතිය තියෙන්නෙත් පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි.ලෝකයේ කවදාවත් ජයග්‍රහණය කරන්න බෑ කිව්ව, පරාද කරන්න බෑ කිව්ව ප්‍රභාකරන්ව පරාද කරන්න පුලුවන් වුණෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාටයි.

    අපි ආණ්ඩුවට ආවේ මෛත්‍රීපාල සිරිසේන විදිහට වෙනම නෙමෙයි.අපි ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විදිහට.අපි ගෝඨාභය මහත්තයා එක්ක ගිවිසුම් අත්සන් කරනවා.අපි පොහොට්ටුවත් එක්ක ගිවිසුම් අත්සන් කරනවා.ඒ අත්සන් කරන්නේ පුද්ගලික නම් වලින් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, එහෙම නම් අද අපි ආණ්ඩුවේ ඇතුලේ හිටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලනය කිරීමේ අයිතිය තියෙනවා.ඒ අයිතිය කාටවත් නවත්වන්න පුලුවන්කමක් නෑ,තැන්තැන්වල ආඩපාලී කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් පක්ෂයක් කිරීමේ අරමුණ අපෙන් ඈත් කරන්න කාටවත් පුලුවන්කමක් නැතැයිද ඔහු සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img