තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කේරල ගංජා සමඟ අධිවේගයේ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

    කේරල ගංජා සමඟ අධිවේගයේ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

    පෑලියගොඩ අධිවේගී මාර්ග පොලිස් මුරපොලේ සේවයේ නිරත පොලිස් නිලධාරියෙක් කේරල ගංජා කිලෝ 4 කට අධික ප්‍රමාණයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වරකාපොල පදිංචිකරුවෙක් වන මෙම පොලිිස් නිලධාරියා කාලයක් තිස්සේ කේරල ගංජා ඡාවාරමේ නිරතව සිට ඇතැයි විශේෂ කාර්ය බලකාය සැකකරයි.

    කේරළ ගංජා කිලෝ 6 යි ග්‍රෑම් 542 ක් ප්‍රවාහනය කරමින් සිටි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක පුද්ගලයක් ඊයේ අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී මෙම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇත.

    වැඩිදුර විමර්ශන සදහා ගංජා තොගය සමග පොලිස් නිලධාරියා රාගම පොලිස් ස්ථානයට භාරදී තිබේ.

    විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකායේ බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි.ජේ.එස්. සිල්වෙස්ටර් මහතාට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img