තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් අද - හෙට වර්ජනයක්

    වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් අද – හෙට වර්ජනයක්

    හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් විසින් අද (24) පෙරවරු 07 සිට දින 2 ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

    රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ “හෙට (24) උදේ 7ට පැය 48ක එසේ නැතිනම් දින දෙකක වැඩවර්ජනයක් අරම්භ කරනවා. ඒ වැඩවර්ජනය පැය 48ක් දිවයින පුරා තිබෙන සමස්ත රෝහල් පද්ධතියේත්, ඒ වාගේම මහජන සෞඛ්‍ය සේවාව තුළත් ක්‍රියාත්මක වන්නට නියමිතයි.” යනුවෙනි.

    අදාළ වැඩවර්ජනය සම්බන්ධයෙන් පරීපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මෙසේ කීය.

    “මේ ඉල්ලීම් 7 සම්බන්ධයෙන් පරීපුරක වෛද්‍ය සේවාත්, අතුරු වෛද්‍ය සේවාත්, හෙද සේවා කියන වෘත්තීයවේදීන් 50,000ක් හෙට දවසේ අපි වර්ජනයට කැඳවනවා. මේ වර්ජනයේදී අපි තවදුරටත් වගකිවයුතු වෘත්තීය සමිති විදිහට ළමා රෝහල්, පිළිකා රෝහල් මාතෘ රෝහල් සහ විශේෂයෙන් කොවිඩ් සම්බන්ධ රෝහල්වල කිසිදු වර්ජන ක්‍රියාමාර්ගයක් දියත්වන්නේ නැහැ. හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් අපි පවත්වා ගන්නවා. සමහර වෛද්‍ය පරිපාලකයෝ ඉන්නවා රෝහල්වල මේක අවුල්කරන්න ඕනේ අය. හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ස්වෙච්චාවෙන් දෙන්න යනකොට ඒ අය ඒ අයගේ ලොකුකම් පෙන්නට ආවෝත් ඒ කිසිම සේවාවක් ඒ ස්ථානවල ලැබෙන්නේ නැහැ.” යනුවෙන් ද ඔහු පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img