තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජනපති ඉල්ලීමට අමෙරිකාවේ තානාපති ධුරයට යන්න මන්ත්‍රී කමින් ඉවත්වෙනවා

    ජනපති ඉල්ලීමට අමෙරිකාවේ තානාපති ධුරයට යන්න මන්ත්‍රී කමින් ඉවත්වෙනවා

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
    ඒ අනුව ලබන 29 වැනිදා වනවිට අමෙරිකාවට ගොස් තමන් එම ධුරයේ කටයුතු අරඹන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා මෙයට සුළු මොහොතකට පෙර සඳහන් කළේය.

    මහින්ද සමරසිංහ මහතා මෙසේ ද පැවසීය.

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇමරිකාවේ තානාපති ධූරය භාරගන්න කියලා කිව්වා. ඒ අනුව ලබන 29 වැනිදා වෙනකොට අමෙරිකාව බලා පිටත්වෙන්න තීරණය කරලා තියෙනවා. අමෙරිකාව එක්ක විශේෂයෙන් අපේ සම්බන්ධතාව තබා ගන්න එක වැදගත්. ආර්ථික හා දේශපාලන වශයෙන් හොඳ සම්බන්ධතාවෙන් ඇති කර ගත යුතු බව ජනාධිපතිතුමා මට දැනුම් දුන්නා.
    මේ දක්වා මාව පාර්ලිමේන්තුවට තෝරපු කළුතර දිස්ත්‍රික්කයෙ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 27ක් එක දිගට මම පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. ආණ්ඩුවේ වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විධියට කටයුතු කරලා තියෙනවා.

    මම ඉදිරියටත් දේශපාලනයේ නිරත වෙනවා. ජනාධිපතිතුමාගේ ඉල්ලීමට මම යන්නෙ. එහෙ ගිහිං ඇවිත් අනාගතයේ නැවත කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට මම නායකත්වය දෙනවා යැයි මහින්ද සමරසිංහ මහතා පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img