තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහේල.. සදාතනික ක්‍රිකට් වීරයන් අතරට

    මහේල.. සදාතනික ක්‍රිකට් වීරයන් අතරට

    ලොව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය ඇගැයීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලිය විසින් නම් කරනු ලබන සදාතනික විශිෂ්ඨයින්ගේ (Hall of Fame) ක්‍රීඩා නාම ලේඛනයට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන මහතාව එක් කරමින් ඉහළම ගෞරව නම්බු නාමය ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් එම විශිෂ්ඨයින්ගේ ලැයිස්තුවට එක් වුණු තෙවැනි සදාතනික විශිෂ්ඨයා වන්නේද මහේල ජයවර්ධන වේ. ඔහුට පෙර ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් සහ හිටපු නායක කුමර් සංගක්කාර මෙම නම්බු නාමයට පාත්‍ර වූ සෙසු ක්‍රීඩකයින් දෙපළ වෙති. එම නම් කිරීමේදී මහේල ජයවර්ධනට අමතරව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායකයකු වන වේග පන්දු යවන ෂෝන් පොලොක් සහ එංගලන්ත ක්‍රීඩිකාවක වන ජැනට් බ්‍රෙටින්ටද එම නම්බු නාමය ලබා දීමට අයි.සී.සී.ය පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 159 ක්, එක්දින තරග 448 ක් සහ විස්සයි-20 තරග 55 කට මහේල ක්‍රීඩා කර තිබේ. ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර 9 වැනි ස්ථානයේ පසුවන මහේල රැස් කළ ඇති ලකුණු සංඛ්‍යාව 11,814 කි. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 49.84 ක් රඳවා තබා ගැනීමට සමත්ව සිටින දකුණතින් පන්දුවට පහර දුන් පිතිකරුවා එයට ශතක 34 ක් ඇතුළත් කරගෙන සිටියි. ඉනිමක වැඩිම ලකුණු ලෙස දකුණු අප්‍රිකාවට එරෙහිව 2006 වසරේදී රැස් කරන ලද ලකුණු 374 සටහන් කරගෙන සිටින හිටපු ටෙස්ට් නායකයා ලෝක කුසලාන තරගාවලි 2 කදී (2007 සහ 2021) ශ්‍රී ලංකාව අනුශූරතාවය දක්වා රැගෙන යෑමට සමත්වූවේය. එම තරගයේදී කුමාර් සංගක්කාර සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 624 අදටත් වසර 40 කට වඩා පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තාවී ඇති හොඳම ලකුණු සම්බන්ධතාවය ලෙසින් සටහන් වේ.

    එක්දින තරග 448 කට ද සිය දායකත්වය ලබා දී සිටින මහේල මුලු ලකුණු 12,650 ක් රැස් කිරීමට සමත්ව සිටියි. ලෝක කුසලාන අවසන් මහ තරගයක ශතකයක් ලද විරළ පිතිකරුවන් අතරට එක්වීමට සමත්ව සිටින ජයවර්ධන එම තරග අංශය යටතේ ශතක 19 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි. විස්සයි-20 තරග අංශයේ ලොව සිව්වැනියට ශතකයක් වාර්තා කළ පිතිකරුවා බවටද මහේල පත්ව සිටියි.

    මහේල මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටී. පුහුණුකරු වෘත්තිය තෝරාගෙන සිටින මහේල, කිසිදු අයකිරීමකින් තොරව වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයා ලෙසින් කටයුතු කරයි.

    -SLC-

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img