තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එවර් ගිවන් හරි පාරට - සූවස් ඇළේ තදබදය ඉවතට

    එවර් ගිවන් හරි පාරට – සූවස් ඇළේ තදබදය ඉවතට

    සමස්ත ගෝලීය වෙළඳාමෙන් 12%කට පමණ හුවමාරු වීමට මාර්ගය වූ සූවස් ඇළ හරහා සිරවුණු යෝධ එවර් ගිවන් බහාලුම් නෞකාව නිදහස් කොට යළි සුපුරුදු මාර්ගයට යොමු කර තිබේ.

    සුප්‍රකට නැව් පුවත් සඟරාව වන ලොයිඩ්ස් ලිස්ට් හි කර්තෘ රිචඩ් මීඩ් පවසන්නේ “සූවස් ඇළ සම්පූර්ණ පරීක්ෂාවකින් පසු අද දින නැවත ගමනාගමනය සඳහා විවෘත කිරීමට පටන් ගන්නා බව පැහැදිලියි. කුඩා නැව් කිහිපයක් දැනටමත් යාත්‍රාව පසුකර යාමට පටන් ගෙන. අපි තවමත් නැව් 450 ක් පමණ ඇළ හරහා ගමන් කරවීමට බලා සිටිනවා. එය දීර්ඝ ක්‍රියාවලියක් වේවි.” යනුවෙනි.

    එය තවත් පැය කිහිපයකින් සුවස් ඇළ මාර්ගයේ දින ගණනාවක් තිස්සේ පැවති පැවැති අධික තදබදය අවම කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ .

    පසුගිය අඟහරුවාදා සිට සූවස්‌
    ඇළ මාර්ගය අවහිර කරමින්‌ සිර
    වී තිබූ එවර්‌ ගිවන්‌ නෞකාව නිසා පැයකට ඩොලර් මිලියන 480 බැගින් පාඩුවූ අතර දෙපස අවහිර වූ නෞකා ගණන 300කට අධික විය.

    මුදා ගැනීමේ කණ්ඩායම්‌ ප්‍රකාශ
    කරන්නේ තවදුරටත් නෞකාව නියමිත
    ගමන්‌ මාර්ගයට යොමු කිරීමේ කාර්‍යයේ නිරත බවයි.

    හදිසි අවස්ථා ගලවා ගැනීමේ ටග්‌යාත්‍රා 12ක්‌ සහ වැලි ඉවත්‌ කිරීමට යොදාගත්‌
    යන්ත්‍රෝපකරණ 08ක්‌ එක්ව පුරා පැය 156ක්‌ සිදුකළ මෙම මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට මෙහෙයුම්‌
    කණ්ඩායමට අද අලුයම හැකිව තිබුණි.

    එවර්ග්‍රීන් සමාගමේ එවර් ගිවන් යාත්‍රාව නිව්යෝක් හි පිහිටා තිබෙන Empire state ගොඩනැගිල්ලේ උසට සමාන වන අතර මෙහි දිග මීටර් 400ක් (අඩි 1,312) සහ බර ටොන් 200,000 ක් වේ. උපරිම ධාරිතාව බහාලුම් 20,000 කි. එය දැනට බහාලුම් 18,300 ක් රැගෙන යයි.

    මෙම නෞකාව තායිවානයේ ප්‍රවාහන සමාගමක් වන එවර්ග්‍රීන් මැරීන් විසින් මෙහෙයවනු ලබන අතර එය ලොව විශාලතම බහාලුම් යාත්‍රාවකි.

    පසුගිය අඟහරුවාදා වැලි කුණාටු සහ තද සුළං තත්ත්වයක් හේතුවෙන් සුවස් ඇළ හරහා මාර්ගය අවහිර කරමින් මෙම යාත්‍රාව සිරවී තිබුණි.

    සූවස් ඇළ අවහිර කිරීමෙන් ඇණහිටි පිරිවැය කොපමණ ද යත් සමස්ත ගෝලීය වෙළඳාමෙන් 12% ක් පමණ, තෙල් බැරල් මිලියනයක් පමණ සහ ද්‍රව ස්වාභාවික වායු වලින් දළ වශයෙන් 8% ක් දිනපතා සූවස් ඇළ හරහා ගමන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img