තවත්
    මුල් පිටුවදේශීය පුවත්එංගලන්තය පරදා නවසීලන්තය අවසන් මහා තරගයට

    එංගලන්තය පරදා නවසීලන්තය අවසන් මහා තරගයට

    පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ අද (10) පැවති අවසන් පූර්ව තරගයෙන් එංගලන්තයට එරෙහිව කඩුලු පහක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

    පළපුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තේය. එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 167ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

    නවසීලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩැරී මිචෙල් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තේය. එංගලන්තයෙන් ජයග්‍රහණය උදුරාගත් මිචෙල්ගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරෙ පහරවල් 4ක් අන්තර්ගත විය.

    විස්සයි 20 ලෝක කුසලානයේ අනෙක් අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර හෙට පැවැත්වෙයි.

    ඉන් ජයග්‍රහණය ලබන කණ්ඩායම හා නවසීලන්තය ලබන 14 වැනිදා ඩුබායි හි දී අවසන් මහා තරගයට මුහුණ දීමට නියමිතව ඇත.

    එංගලන්තය – 166/4

    නවසීලන්තය- 167/5 (19/20)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img