තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙක් භාරත පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබති

    ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙක් භාරත පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබති

    නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපති භවන් හිදී ඊයේ (08) පැවැති භාරත පද්ම සම්මාන ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙක් “පද්ම ශ්‍රී” සම්මානයෙන් පුද ලද බව මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

    ශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණය නර්තන ශිල්පිනියක වන දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට මහඟු මෙහෙවරක් ඉටු කොට නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් ඇයගේ දියණියට මෙසේ පද්ම ශ්‍රී සම්මානය ප්‍රදානය කෙරිණි.

    කොවිඩ් වසංගතය හේතුවෙන් කල්දැමුණු 2020 වසරේ සම්මාන උළෙල මෙලෙස ඊයේ දිනයේ පැවැත්විණි. නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් ඇයගේ දියණිය වත්සලා දසනායක මෙනවිය ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා අතින් පද්ම ශ්‍රී සම්මානය ලබාගත්තාය.

    ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට හිමි පද්ම ශ්‍රී සම්මානය කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නුදුරු දිනක දී කොළඹ දී ප්‍රදානය කිරීමට නියමිතය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img