තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතුරුදන් වූ දැරියන් ගැන CCTVවලින් හෙළිවූ දේ

    අතුරුදන් වූ දැරියන් ගැන CCTVවලින් හෙළිවූ දේ

    කොළඹ කෙසෙල්වත්තේ මාටිස් පටුමගේ නිවසක පදිංචිව සිටි බාලවයස්කාරියන් තිදෙනෙක් අතුරුදන්වීමක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

    එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් සහ ගම්පොළ සිට එම නිවසට පැමිණ සිටි ඥාති සහෝදරියක් මෙසේ අතුරුදන්ව ඇත.

    ෆාතිමා රක්ෂා (15) ඇගේ නැගණිය වන ෆාතිමා කදීරා (13) සහ ගම්පොළ සිට පැමිණි ඥාති දියණියක් වන ෆාතිමා වාර්යා යන දියණියන් තිදෙනා මෙසේ අතුරුදන්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

    මෙම බාලවයස්කාරියන් තිදෙනා ඊයේ පෙරවරු 8.30 සිට පමණ නිවසින් පිටව ගොස් ඇත්තේ ගමන් මලුද කරේ එල්ලාගෙනය. ඔවුන් මාර්ගයේ ගමන්කරන අයුරු ආරක්ෂක කැමරා කිහිපයකම සටහන්ව තිබී ඇත. පොලීසිය සදහන් කරන්නේ ඔවුන් නිවැසියන්ට හොරා එසේ නිවාසවලින් පිටව ගොස් ඇති බවය.

    මෙම දැරිවියන් නිවසින් පිටව යන විට මවගේ ජංගම දුරකතනයද රැගෙන ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

    මෙම තිදෙනා අතුරුදන්වූ බවට පැමිණිල්ලක් කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට ලැබී ඇත්තේ අද අලුයම් කාලයේදී බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. මොවුන් තිදෙනා මෙසේ අතුරුදන්වූයේ ඇයි දැයි කිසිවක් මෙතෙක් හෙළිවී නැති අතර දෙමාපියන් පොලීසියට පවසා ඇති ආකාරයට අනුව ඔවුන්ට නිවාස අතහැර යන්නට තරම් ගැටළු ද තිබී නැත.

    මේ සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තතා කිරීමටද පොලීසිය පියවර ගත් බවද එම නිලධාරියා සදහන් කළේය.

    මෙම බාලවයස්කාරියන් ගාලුමුවදොර පිටියේ සැරිසරා ඇති බවට ලැබුණු තොරතුරු මත ඒ සම්බන්ධයෙන්ද සොයා බැලීමක් කල බවත් ඔවුන් එහි සැරිසැරූ බවට පැහැදිලි සාක්ෂියක් මෙතෙක් හමුවී නැති බවත් එම නිලධාරියා කීය.

    මෙම බාලවයස්කාරියන්ට නිවසින් පිටව යාමට කිසියම් අයෙකුගේ සහයක් ලැබී ඇතැයි පොලීසිය සැකකරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img