තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මල්වතු ඔයේ පහළ ප්‍රදේශවලට අද රෑ සිට ගංවතුර අවදානමක්

    මල්වතු ඔයේ පහළ ප්‍රදේශවලට අද රෑ සිට ගංවතුර අවදානමක්

    මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්‌, මඩු, මුසාලෛ, නැනඞ්ඩාන්‌ යන ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශවලට අයත්‌ මල්වතු ඔය ද්‍රෝණියේ ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට අද රාත්‍රියේ සහ හෙට දින ගංවතුර අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟව‍ා තිබේ.

    ඊයේ රාත්‍රී කාලයේ මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂා තත්ත්වය හේතුකොටගෙන මල්වතු ඔය පහලධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නව පවතී.

    කාලගුණ අංශවල අනතුරු ඇඟවීම්‌ අනුව මල්වතු ඔය පහළ ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක්‌ අද රාත්‍රියේ ලැබීමේ ඉහල සම්භාවිතාවයක්‌ ඇති බවට බවට වාර්තා වී ඇත.

    මේ තත්ත්වය මත ඉහත සඳහන් ප්‍රදේශවල පදිංචි ජනතාව මේ පිළිබඳ දැඩි සැලකිල්ලෙන්‌ කටයුතු කළ යුතු බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

    තවද මේ තත්ත්වය සම්බන්ධයෙන්‌ අවධානයෙන්‌ සිටින ලෙසත් අවශ්‍ය පියවර ගන්නා ලෙසත්‌ ආපදා කළමනාකරණ සහ දිස්ත්‍රික්‌ පරිපාලන අංශවලින්‌ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img