තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්විස් ගුවන් සේවය කොළඹ බලා යළි මෙහෙයුම් අරඹයි

    ස්විස් ගුවන් සේවය කොළඹ බලා යළි මෙහෙයුම් අරඹයි

    ලුෆ්තන්සා සමූහ ව්‍යාපාරයේ සාමාජික ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය අද (05) සිට කොළඹ බලා යළි සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

    එයාර්බස් 340 LX 8064 දරණ සූරිච් සිට කොළඹ දක්වා වූ මංගල ගුවන් යානය පෙරවරු 7:30 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වූ පසු උත්සවාකාර ජල ප්‍රහාරක ආචාරයක් මගින් පිළිගනු ලැබීය.

    පසුව උඩරට සම්ප්‍රදායික නර්තන ප්‍රසංගයක් සහ අමුත්තන් පිළිගැනීමේ සමාරම්භක උත්සවයක් පැවැත්විණි.

    අදාළ ගුවන් යානය මඟින් විදේශීය සංචාරකයන් 96 දෙනෙකු සහ ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය 12 දෙනෙකු ද පැමිණ තිබේ.

    කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය සිය සේවා කටයුතු 2019 වසරේ සිට අත්හිටුවනු ලැබීය.

    ඒ අනුව නැවතත් අද සිට ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය ආරම්භ කළ අතර සතියේ සෑම සිකුරාදා දිනකම සුරීච් සහ කටුනායක ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    සූරිච් සිට කොළඹ දක්වා දුර කිලෝමීටර් 8023 / නාවික සැතපුම් 4332 ක් වන අතර ඇස්තමේන්තුගත පියාසැරි කාලය පැය නවය විනාඩි පනස් හයකි.

    සූරිච් යුරෝපයේ සහ ඇමරිකාවේ සෙසු ප්‍රදේශවලට පහසු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img