Home උණුසුම් පුවත් ගමන් මල්ලෙන් මතුවූ කාන්තා මළ සිරුර හදුනා ගැනීමේ විමර්ශන නව මාවතකට

ගමන් මල්ලෙන් මතුවූ කාන්තා මළ සිරුර හදුනා ගැනීමේ විමර්ශන නව මාවතකට

0
ගමන් මල්ලෙන් මතුවූ කාන්තා මළ සිරුර හදුනා  ගැනීමේ විමර්ශන නව මාවතකට

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ පිහිටි මාර්ගයේ කසල ගොඩක තිබී සොයා ගැණුනු ගමන් මල්ලක දැමූ කාන්තා මළ සිරුර හදුනා ගැනීමට මේ වන විටත් පොලීසිය දැඩි වෙහෙසක් ගනිමින් සිටී.

දින 08 ක් තිස්සේ අතුරුදන්ව සිටින බියගම පදිංචි කාන්තාවක් මෙසේ ඝාතනයකර තිබේදැයි ඇතිවූ සැකයක් මත එම කාන්තාවගේ ඥාතීන් පැමිණ මළ සිරුර හදුනා ගැනීමට උත්සහ දරා ඇතත් ඒ ඇය නොවන බව එහිදී තහවුරු වී තිබේ. එම කාන්තාව පුද්ගලයෙක් සමග වරකපොළට ගොස් ඇති බවත් එහිදී ඇයව තවත් පුද්ගලයෙකුට විකුණා ඇති බවත් පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඒ අතර මට්ටක්කුලියේ පිරිසක්ද මෙම මළ සිරුර හදුනා ගැනීමට අද සවස පැමිණෙන බව පොලීසියට දැනුම්දී ඇත. ඒ එම පුද්ගලයින්ගේ ඥාතිවරියක්ද දින ගණනාවක් තිස්සේ අතුරුදන්ව සිටින බැවිණි.

කාන්තාවගේ මළ සිරුර බහා තිබුණු ගමන් මල්ල පැදුරකින් ඔතා කසල ගොඩට විසිකර තිබුණු බව පොලීසිය කියයි. ඒ ආකාරයේ පැදුරු වර්ග වැඩි වහයෙන් භාවිතා කරන්නේ මුස්ලිම්වරු බැවින් ඒ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here