Home උණුසුම් පුවත් වැලිගම පිපුරුම ගැන සොයන්න රස පරීක්ෂකත් එයි

වැලිගම පිපුරුම ගැන සොයන්න රස පරීක්ෂකත් එයි

0
වැලිගම පිපුරුම ගැන සොයන්න රස පරීක්ෂකත් එයි

වැලිගම කප්පරතොට ඇවරිවත්තේ පිහිටි කුඩා හෝටලයක මුළුතැන්ගෙයි අද අළුයම් කාලයේ සිදුවූ පිපුරුම ගැන පරීක්ෂණ පැවැත්වීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි හා පිපිරීම් සම්බන්ධ විශේෂඥ කණ්ඩායමක් කැදවා ඇතැයි පොලීසිය සදහන් කරයි.

ඒ එම මුළුතැන්ගෙයි ගෘහස්ත ගෑස් ටැංකි 05 තිබුණද එම ටැංකිවලට කිසිදු හානියක් නොවී ඇති බැවිනි.

එම ගෑස් ටැංකි 05න් 03 ක් හිස් ඒවා බවත් ගෑස් තිබී ඇත්තේ ටැංකි දෙකක පමණක් බවත් පොලිස් විමර්ශන වලින් පෙනීගොස් තිබේ. එක් ගෑස් ටැංකියක් ගෑස් ලිප හා සම්බන්ධ කර තිබී ඇත. එම ගෑස් ටැංකියට සම්බන්ධ බටය ගිනි ගෙන ඇති අතර ටැංකියේ ගෑස්ද ගින්නෙන් පසු ඉතිරිව තිබෙන බවද පොලිස් පරීක්ෂාවේදි පෙනී⁣ගොස් තිබේ. අනෙත් ටැංකියේ එහෙම් පිටින්ම ගෑස් පිරී තිබී ඇත.

ගින්නට හේතුව නිෂ්චිතවම තහවුරු වී නැති බව පොලීසිය කියයි. ගිනි ගැනීම සිදුවන ව්ට මුළුතැන්ගෙය තිබී ඇත්තේ වසා දමාය. එහෙත් ගින්නත් සමග යම් පිපිරීමක් සිදුව මුළුතැන්ගෙට දැඩිව හානි වී ඇත.

පිපුරුමෙන් මෙම හෝටලයේ හිමිකරු ඔහුගේ පුතා සහ අසල්වැසි කාන්තාවක් තුවාල ලබා ඇතැයි දකුණු පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද මහතා සදහන් කළේය. ඒ අය තුවාල ලබා ඇත්තේ පිපුරුමෙන් විසිවූ ද්‍රව්‍ය වැදීමෙන් බව ⁣ද ඔහු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here