ලොවපුරා කොවිඩ් වසංගතයේ දැනට පවතින දත්ත වලට අනුව කොවිඩ්-19 වෛරසයේ A.30 ප්‍රභේදය දැනට ගෝලීය මට්ටමින් ව්‍යාප්ත නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මෙම ප්‍රභේදය දැනටමත් වඳ වී ගොස් ඇති බවත් එබැවින් අනවශ්‍ය ලෙස කලබලයට පත්විය යුතු නැතැයි ද A.30 කොවිඩ් ප්‍රභේදය එන්නත් 2ක් මඟහරින බවට සොයාගත් ජර්මානු පර්යේෂකයන්ගේ අධ්‍යයන වාර්තාව උපුටා දක්වමින් ආචාර්යවරයා පෙන්වා දී ඇත.
GISAID දත්ත ගබඩාවේ තැන්පත් කර ඇති ජෙනෝම 4.5කට වැඩි ප්‍රමාණයක් අතරින් A.30 පරම්පරාවට අයත් වන්නේ 5ක් පමණි.
ඒ ඇන්ගෝලාවේ තුනක්, ස්වීඩනයේ එකක් සහ එක්සත් රාජධානියේ එකක් වන නමුත් අවසන් ඒවා සොයාගෙන ඇත්තේ ද 2021 මැයි සහ ජුනි මාසවල දී බව ආචාර්යවරයා පෙන්වා දෙයි.
කෙසේවෙතත් පරීක්ෂණ ධාරිතාව සීමා සහිත සමහර ස්ථානවල එය හඳුනා නොගෙන යා හැකි අතර මේ අනුව එන්නත් මඟහරින අලුත් ප්‍රභේද ඇතිවිය හැකිය. එබැවින් පර්යේෂණ නිරන්තරයෙන් සිදුකිරීම අත්‍යාවශ්‍ය ය.
එන්නත් ගැනීම කොවිඩ් සඳහා හොඳම විකල්පය වන බවට තවදුරටත් තහවුරු කරගත යුතු අතර මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති නමුත් අඛණ්ඩ අධීක්ෂණය මගින් අලුත් ප්‍රභේද හා පැතිරීම වෙනස්වීම පිළිබඳ අධ්‍ය්‍යනය කළ යුතු බව ද ආචාර්වරයා අවධාරණය කරයි.