තවත්
    මුල් පිටුවදේශීය පුවත්කෝටි 06 ක් කොල්ලකා පළායමින් සිටි රියදුරා එස්.ටී.එෆ්. නිලධාරීන් පන්නා ගොස් අල්ලයි

    කෝටි 06 ක් කොල්ලකා පළායමින් සිටි රියදුරා එස්.ටී.එෆ්. නිලධාරීන් පන්නා ගොස් අල්ලයි

    හැටන් නගරයේදි රුපියල් කෝටි 06 ක මුදලක් අද පැහැර ගෙන පළායමින් සිටි පුද්ගලයෙක් පසුපස හඹායමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත.

    බැංකුවල ටේලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීමේ කොන්ත්‍රාත්තුව භාර සමාගමක ආරක්ෂක අංශයක සාමාජිකයින් පිරිසක් ට්‍රේලර් යන්ත්‍රවල මුදල් තැන්පත් කරමින් කොළඹ සිට නුවරඑළිය බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී හැටන් නගරයේ ට්‍රේලර් යන්ත්‍රයකට මුදල් පුරවමින් සිටියදී මෙම පැහැර ගැනීම සිදුව තිබේ.

    එම වෑන් රථයේ රියදුරු මුදල්ද රැගෙන පළායන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ භට කණ්ඩායමක් එම පුද්ගලයා පසුපස හඹායමින් ඔහුව රේන්දපොලදී අල්ලාගෙන ඇත්තේ කොල්ලකෑ මුදල් තොගයද සමගිනි.

    අත්අඩංගුවට ගත් සැකකරු හමුදාවේ හිටපු සෙබලෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img