Home දේශීය පුවත් උණුසුම් පුවත් අවිස්සාවේල්ලේ මැණික් පතලක් තුළ දෙදෙනෙක් බිලිවෙති

අවිස්සාවේල්ලේ මැණික් පතලක් තුළ දෙදෙනෙක් බිලිවෙති

අවිස්සාවේල්ලේ  මැණික් පතලක් තුළ දෙදෙනෙක් බිලිවෙති

මැණික් පතලක් තුළ සිරවීමෙන් අවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පතල තුළ සිරවී මියගිය දෙදෙනාගේ සිරුරු මේ වනවිට අවිස්සාවේල්ල රෝහලේ තැන්පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 සිද්ධියෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඊයේ (27) රාත්‍රී 7.00ට පමණ එම සිද්ධිය වාර්තා වූ බවය.

ඊයේ පැවැති වර්ෂාවත් සමග පතල තුළ විදුලිය විසන්ධි වී ඇත.

ඒත් සමගම පතල තුළට ගොස් තිබූ දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබේ.

මෙම අනතුර පිළිබඳ සහ පතල සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදු කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here