තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලිය- වරාය-ඛනිජ තෙල් සේවකයෝ හෙට විරෝධයකට සැරසෙති

    විදුලිය- වරාය-ඛනිජ තෙල් සේවකයෝ හෙට විරෝධයකට සැරසෙති

    විදුලිය, වරාය සහ ඛනිජ තෙල් සේවක සේවිකාවෝ හෙට (03) කොළඹට රැස්වී දැවන්ත විරෝධතාවයක නිරත වීමට තීරණය කර සිටිති.

    රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව සහ යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධාන කරන බව විදුලිය වරාය හා ඛනිජ තෙල් සේවක වෘත්තීය සමිති නායකයෝ පවසති.

    රට පුරා සේවය කරන විදුලිබල මණ්ඩලයේ සේවකයින් හෙට කොළඹ ලංවිම මූලස්ථානය ඉදිරිපිට රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රාජයන් ජයලාල් මහතා කීය.

    යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව එම විරෝධතා සංවිධානය කරන බවද ජයලාල් මහතා කීය.

    මේ අතර වරාය අධිකාරියේ සේවකයින් හෙට පෙරවරුවේ කොළඹ වරාය මූලස්ථානය ඉදිරිපිට දී ද ඛනිජ තෙල් සංස්ථා සේවකයෝ කොළොන්නාවේ පිහිටි නිමාව ඉදිරිපිට සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටට රැස්වී හෙට පෙරවරු 10ත් 11 ත් අතර එම විරෝධතා ආරම්භ කරන බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img