තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

    ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

    ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් වසර 06කට පසු අද (31) සිට යළි ආරම්භ කර තිබේ.

    ඒ අනුව, අද අලුයම 1ට යු.එල්.563 දරන ශ්‍රී ලංකන් ගුවන්යානය ප්‍රංශයේ පැරිස් නුවර චාර්ල් ඩි ගෝල් ගුවන්තොටුපොළ බලා පිටත්ව ගිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පැවැසීය.

    සෑම සතියකම බදාදා, සිකුරාදා සහ ඉරිදා එලෙස ශ්‍රී ලංකන් ගුවන්යානයක් පැරිස් නුවර බලා පිටත්වීමට නියමිත ය.

    එම දිනවල ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව බලා ගුවන්යානයක් පැමිණීමට ද කටයුතු යොදා තිබේ.

    1980 වසරේ දී ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන්ගමන් ආරම්භ කෙරුණු අතර 2015 වසරේ දී එය නතර කෙරුණි.

    කටුනායක ගුවන්තොටුපොළේ සිට පැරීසියේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළට ගමන් කිරීමට පැය 10කට ආසන්න කාලයක් ගත වන බව සඳහන්ය.

    එහිදී පැරීසියේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව සංචාරක හා ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස පිළිගත්හ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img