තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩුකාරයන්ට මත්වෙන්න පෙති විකුණූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

    කුඩුකාරයන්ට මත්වෙන්න පෙති විකුණූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

    මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින්නන්ට මත්කුඩු වෙනුවට මත්වීම සදහා නීති විරෝධි ලෙස යම් ඹෟෂධ වර්ගයක් ලබාදුන් රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ වන විට මත්කුඩු හිඟයක් ඇතිවී තිබෙන බැවින් මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් මත්කුඩු භාවිතය අතහරිමින් සිටින අතර ඇතැම් පුද්ගලයින් විකල්ප මතත්ද්‍රව්‍ය වෙත යොමු වෙමින් ඇති බව සදහන්ය.

    වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි කිරීම සපුරා තහනම් කර ඇති ඇතැම් ඹෟෂධ පවා මත්වීමට මේ වන විට භාවිතා කිරීමට පටන්ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා විසින් මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන්ට එවන් ඹෟෂධයක් අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිට ඇතැයි විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

    මෙම වෛද්‍යවරයා විසින් පානදුර කෙසෙල්වත්තේ පල්ලියමුල්ලේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යන බව විශේෂ කාර්ය බලකාය සදහන් කරයි. මත්කුඩු භාවිතා කරන්නන්ට මත්වීමට ඹෟෂධ නිකුත්කර ඇත්තේ එම වෛද්‍ය මධ්‍යස්ථානයේදීය.

    විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ වැටලීමකදී මෙම ඹෟෂධ පෙති සමග අත්අඩංගුවට ගත් මත්ලෝලියෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙම ඡාවාරම ගැන තොරතුරු හෙළිවී ඇත්තේ ඊයේය. එහිදී පෙනී ගොස් ඇත්තේ රුපියල් 30 ක් පමණ වන ඒ එක් ඹෟෂධ පෙත්තක් මෙම වෛද්‍යවරයා විසින් රුපියල් 300 ක් වැනි මිලකට අලෙවි කරන බවය.

    ඒ අනුව විශේෂ කාර්ය බලකා සෙබලෙක් මත්ලෝලියෙක් ලෙස වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් තිබේ. ඒ වන විටත් එම වෛද්‍ය මධ්‍යස්ථානය අසල මත්පෙති ලබා ගැනීමේ අදහසින් 20 ක පමණ මත්ලෝලීන් පිරිසක් රැදී සිට ඇත. විශේෂ කාර්ය බලකා සෙබලාට එහිදී වෛද්‍යවරයා විසින් මත්පෙති නිකුත් කිරීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකාය වෛද්‍යවරයාව අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී මත්පෙති මිලදී ගැනීමේ අරමුණින් එහි රැදී සිටි මත්ලෝලීන් ද සිය භාරයට ගෙන ඇත.

    වෛද්‍යවරයා සතුව එම ඹෟෂධ පෙති 22000 ක් පමණ තිබී හමුවූ බව විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් පැවසීය.

    වෛද්‍යවරයා අවුරුදු 50 ක් පමණ වන පානදුර ගොරකානේ පදිංචිකරුවෙක් බවත් වැඩිදුර විමර්ශන සහ අධිකරණ කටයුතු සදහා වෛද්‍යවරයාව පානදුර උතුර පොලිස් ස්ථානයට භාරදී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img