Home දේශීය පුවත් පදියතලාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු 18 ක ට කොවිඩ්

පදියතලාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු 18 ක ට කොවිඩ්

0
පදියතලාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු 18 ක ට කොවිඩ්

පදියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු 18 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි ඔවුන් සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂාවකදී ඊයේ හෙළිවී තිබේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයේ නිරත තවත් 05 දෙනෙකුත් කෛාවිඩ් ආසාදිත 18 දෙනා අතර සිටින බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තොරතුරු සදහන් කරයි.

සරණගම, හාගම්වෙල, කිරවාන, තලාපිටිඔය යන ගම්මාන වලින් මේ වන විට කොවිඩ් ආසාදිතයන් බහුල වශයෙන් හමුවෙමින් ඇති බවද එම තොරතුරු වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here