Home දේශීය පුවත් මැදවච්චිය වැද්දකන්ද රක්ෂිතයේ අක්කර 12 ක් හෙළිකළ 05 ක් එස්.ටී.එෆ් දැලේ

මැදවච්චිය වැද්දකන්ද රක්ෂිතයේ අක්කර 12 ක් හෙළිකළ 05 ක් එස්.ටී.එෆ් දැලේ

0
මැදවච්චිය වැද්දකන්ද රක්ෂිතයේ අක්කර 12 ක් හෙළිකළ 05 ක් එස්.ටී.එෆ් දැලේ

උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල බොහෝ ස්ථානවල රක්ෂිත සහ කැළෑ හෙළි කිරිම් මේ වන විට සීග්‍රෙයන් ඉහළ යන යමින් පවති.

පොලිස් විශේෂ කාර්ය බලකාය නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රීක්කයේ පමණක් කළ වැටලීම්වලින් රක්ෂිත සහ කැළෑ හෙළිකිරීම් 20 කට වඩා අනාවරණයකරගෙන ඇති අතර අක්කර 100 ක පමණ කැළෑභූමියක් මේ කාලය තුළ හෙළිකර ඇති බව සදහන්ය.

උතුරුමැද පළාතේ කැළෑ හෙළිකිරීම් බහුල වශයෙන් සිදුවන බව පෙනී ගොස් ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදච්චිය ප්‍රදේශ ආශ්‍රිතවය.

පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ දින පමණක් කළ වැටලීම්වලින් මැදවච්චියේ වැද්දාකන්ද රක්ෂිතයේ හෙළිකිරීම් 05 ක් අනාවරණයකරගෙන තිබේ. අක්කර 12 කට ආසන්න රක්ෂිත ප්‍රදේශයක් හෙළිකර තිබී ඇති අතර සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවටද ගෙන තිබේ.

මෙම සැකකරුවන් ඇටවීරගොල්ලෑවේ පදිංචිකරුවන්ය. හේන් ගොවිතැන සදහා මෙසේ කැලෑ හෙළිකල බව ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පවසා ඇත.

එම සැකකරුවන් මැදවච්චිය බීට්ටු වන නිලධාරී කාර්යාලයට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here