Home උණුසුම් පුවත් ලෝක කුසලානේදි පකිස්තානයේ ජය සැමරූ ඉන්දියානුවන් අත්අඩංගුවට

ලෝක කුසලානේදි පකිස්තානයේ ජය සැමරූ ඉන්දියානුවන් අත්අඩංගුවට

0
ලෝක කුසලානේදි පකිස්තානයේ ජය සැමරූ ඉන්දියානුවන් අත්අඩංගුවට

ඉන්දියාව සහ පාකිස්තානය අතර පසුගියදා පැවති ක්‍රිකට් තරඟයේදී  පාකිස්තානයට සහය පළකළ බව කියමින් කාෂ්මීරයේ පදිංචි සිසුන් තිදෙනකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආග්‍රා නගරයේ අධ්‍යාපන කටයුතු කළ අදාල සිසුන් තිදෙනවා පාකිස්තානය තරඟය ජය ගැනීමත් සමඟ ඉන්දීය විරෝධී පාඨ කියමින් පාකිස්තාන ජය සමරා ඇති බවට පැවසේ.

පසුව ඔවුන් අධ්‍යාපන ලැබූ විශ්ව විද්‍යාලයෙන් නෙරපා ඇති අතර සිද්ධිය පිළිබඳ එරට භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් කළ පැමිණිල්ලකට අනුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර රාජස්ථාන් හී පාසල් ගුරුවරියක්ද පාකිස්තානය ජය ලැබීමට සතුට පළකරමින් වට්සැප් වී කළ පළ කළ ප්‍රකාශයකට අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

එමෙන්ම ඉන්දීය පාලනයේ තිබෙන කාෂ්මීරය ප්‍රදේශයේදී පාකිස්තානයට සහය පළ කළ වෛද්‍ය සිසුන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන්

මේ අතර කාෂ්මීරයේ ජනයා පාකිස්තානය ලැබූ ජය සමරමින් ප්‍රීති ඝෝෂා පැවැත්වූ බවටද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here