Home උණුසුම් පුවත් මිනුවන්ගොඩ මළගෙදරක 35කට කොවිඩ්

මිනුවන්ගොඩ මළගෙදරක 35කට කොවිඩ්

මිනුවන්ගොඩ මළගෙදරක 35කට කොවිඩ්
file photo

මිනුවන්ගොඩ ප්‍රදේශයේ මළගෙදරකට සහභාගි වූ 35 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.

එම අවමංගල්‍ය උත්සවය ඉකුත් 10 වැනි දින පවත්වා තිබෙන අතර ඊට විශාල පිරිසක් සහභාගි වී ඇතැයිද මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම ආසාදිතයින් 35 දෙනා අතර අවමංගල්‍ය උත්සවය පැවති නිවසේ සාමාජිකයින්ට කුඩා දරුවන් රැසක් හා ඊට සහභාගි වූ පිටපලාත්වල පිරිසක් සිටි බව ද මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයා පැවසීය.

ඒ අනුව මගුල් උත්සවයට සහභාගි වූ සියලු දෙනා සොයාගෙන ඔවුන්ට PCR පරීක්ෂණ කිරීමට නියමිත බව ද හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here