තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රන්ජන්ගේ හඬපට අසා විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව පැවරූ නඩුව අහෝසි කෙරේ

    රන්ජන්ගේ හඬපට අසා විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව පැවරූ නඩුව අහෝසි කෙරේ

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය මුල්කරගනිමින් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ කෙරුණු නඩු කටයුත්ත අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (25) රිට් ආඥාවක් නිකුත් කළේය.

    මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කළේය.

    හඬපට සිද්ධිය මුල්කර ගනිමින් නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තාකර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට පෙර අවස්ථාවකදී උපදෙස්ද ලබාදී තිබුණි. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරනු ලැබීය. එම කරුණු සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගිහින් පිලපිටිය මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කරනු ලැබීය.

    ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අභියාචනාධිකරණට පෙත්සමක් ඉදිරිපත්කරන්නේ ඒ අනුවය. ඒ නීතිපති උපදෙස්මත නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති චෝදනා පත්‍රය හා එම අධිකරණය නිකුත්කර ඇති සිතාසිය නීතියට පටහැනි බැවින් ඒයා බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img