තවත්
    මුල් පිටුවදේශීය පුවත්තරුණයන්ට ගහපු මඩකළපුවේ ට්‍රැපික් රාළහාමි අත්අඩංගුවට

    තරුණයන්ට ගහපු මඩකළපුවේ ට්‍රැපික් රාළහාමි අත්අඩංගුවට

    වීඩියෝ දර්ශනයක් හුවමාරුවෙමින් සමාජ මාධ්‍යවල දැඩි කථාබහකට ලක්වූ මඩකලපුව එරාවුර්හීදී තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දුන් රථවාහන අංශයේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්කර තිබේ.

    මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කළේ එම සිදුවී පිළිකුලෙන් හෙළා දකින බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තමා පොලීසියට උපදෙස් දුන් බවත්ය.

    මෙම පහරදීමට ඇතැම් පිරිස් ජාතිවාදී මුහුණුවරක් දීමට උත්සහ දැරීම වැරදි බව ද ඇමතිවරයා අවධාරණය කළේය.

    මෙම පහරදීම සිදුවන්නේ එරාවුර් හී කලපුව පාරේ ආහාර වෙළද සැලක් ඉදිරිපිටය. ඇමති සරත් වීරසේකර මහතා සදහන් කරන්නේ රිය අනතුරක් සිදුවූ ස්ථානයක මැණුම් කටයුතු කරමින් රථවාහන අංශයේ නිලධාරියා පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටියදී මැණුම් කරමින් සිටි ස්ථානය මැදින් මැණීම් කරමින් තිබුණු ටේප් එකද ඇදගෙන අධිකවේගයෙන් යතුරුපැදිය ධාවනය වී ඇති බවය. නොනවත්වා ධාවනය කළ එම යතුරු පැදිය පසුපස පොලිස් නිලධාරියා හඹාගොස් එම යතුරු පැදිය නතරකිරීමෙන් අනතුරුව පහරදීම සිදුව ඇතැයිද ඇමතිවයා සදහන් කරයි.

    මෙම සිදුවීම ඊයේ සවස සිදුව ඇති බවත් පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවත් මඩකලපුවේ උසස් නිලධාරියෙක් පැවසීය. පහරකෑමට ලක්වූ තකරුණයින් දෙදෙනා කම්කරුවන් ලෙස සේවයේ නිරත අහිංසකයින් දෙදෙනෙක් බවත් පොලීසිය පාර හරහා මැනුමක් කරන බව නොදුටු බව ඔවුන් පවසන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img