තවත්
    මුල් පිටුවදේශීය පුවත්වරාය සේවක බසයෙන් කේරල ගංජ ඇදලා

    වරාය සේවක බසයෙන් කේරල ගංජ ඇදලා

    කොළඹ සහ අක්කරෙයිපත්තුව අතර වරාය සේවකයින් ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථයක සඟවා කළ කේරල ගංජා බෙදා හැරීමේ ඡාවාරමක් හෙළිකරගත් අක්කරෙයිපත්තුව පොලීසියේ නිලධාරීන් බස් රථයේ රියදුරු කොන්දොස්තර ඇතුළු සිව් දෙනෙක් කේරල ගංජා කිලෝ 05 ක්අ සමග ත්අඩංගුවට ගෙන තිබේ.

    කොළඹ සිට අක්කරෙයිපත්තුව බලා ඊයේ පැමිණි බස් රථය පරීක්ෂාවට ලක්කරන අවස්ථාවේදී එහි තිබී ගංජා තොගය සොයාගත් බව අක්කරෙයිපත්තුව පොලීසිය සදහන් කළේය.

    පළාත් අතර වරාය කාර්ය මණ්ඩල ප්‍රවාහනයට නිසි අවසරයත් ඇතිව අක්කරෙයිපත්තුව සහ කොළඹ අතර මෙම බස් රථය ධාවනය වී තිබේන බවද පොලීසිය සදහන් කරයි.

    මෙම ගංජා තොගය කොළඹින් බස් රථයට පටවාගෙන ඇති අතර එය භාර ගැනීමට යතුරු පැදියකින් දෙදෙනෙක් අක්කරෙයිපත්තුවට පැමිණ සිටි බවද පොලීසිය පවසයි. ඒ අයද හදුනා ගෙන අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    බස් රථයද පොලිස් භාරයට ගෙන සැකකරුවන් අක්කරෙයිපත්තුව අධිකරණයට අද ඉදිරිපත්කර තිබේ. එහිදී ඔවුන් සිව් දෙනා ලබන 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධීකරණය නියම කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img