තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජාතික හැදුණුම්පත් එක්දින සේවය නැවත ඇරඹේ

    ජාතික හැදුණුම්පත් එක්දින සේවය නැවත ඇරඹේ

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තාවකාලිකව අත්හිටුවා තිබුණු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ලබන 25 වන සඳුදා සිට නැවත ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් විජයානි ගුණතිලක මහත්මිය සදහන් කරන්නීය.

    දෙපාර්තමේන්තු පරීශ්‍රයට එකවර විශාල සේවාලාභීන් පිරිසක් එක්රැස්වීමේ අවධානමේ ත්ත්වය සළකා බලා සීමිත පිරිසකට පමණක් බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ ගාල්ලේ පිහිටි දකුණු පළාත් කාර්යාලයෙන් එක්දින සේවා හැදුණුම්පත් නිකුත් කිරීමට සූදානම්කර ඇතැයිද ඇය සදහන් කරන්නීය.

    එක්දින සේවය ලබාගැනීමට අපේක්ෂා කරන්නන් තම ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරී මගින් සහතික කර අදාල ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් ශාඛා කාර්යාලය වෙත යොමු කර එක් දින සේවයට දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවද විජයානි ගුණතිලක මහත්මිය සදහන් කරයි. එම නියමිත දිනයට පැමිණිමට නොහැකි වුවහොත් නැවතත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දිනයක් ලබාගත යුතු බවද ඇය අවධාරණය කරන්නීය.

    මේ වනවිට සාමාන්‍ය සේවා යටතේ ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා අංක වෙන්කර ගත් ඉල්ලුම්කරුවන් සඳහා ද නියමිත දිනයේදී දෙපාර්තමේන්තුව වෙත පැමිණ තම ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ පහසුකම් පවතින බවත් සාමාන්‍ය සේවා යටතේ ඉල්ලුම් පත් ග්‍රාමනිලධාරී මගින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුනවට යොමු කළ හැකි බවද ඇය වැඩිදුරටත් සදහන් කරන්නීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img