තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මරාගෙන මැරුණු තලේබාන් සාමාජිකයන්ගේ පවුල්වලට මුදල් - ඉඩම් තෑගි

    මරාගෙන මැරුණු තලේබාන් සාමාජිකයන්ගේ පවුල්වලට මුදල් – ඉඩම් තෑගි

    තලේබාන් සංවිධානය විසින් සිය මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ සාමාජිකයන්ගේ පවුලේ සමාජිකයින්ට මුදල් සහ ඉඩම් තෑගි වශයෙන් ලබාදීමට තීරණය කරනු ලැබ තිබේ.

    ඒ අනුව පසුගිය කාලයේදී  ඇෆ්ගනිස්තාන රජයේ හමුදාවන්ට සහ බටහිර හමුදාවන්ට එරෙහිව මරාගෙන එල්ල කළ තලේබාන් සාමාජිකයන්ගෙ පවුල් වලට මෙම ත්‍යාග හිමිවීමට නියමිතය.

    තලේබාන් රජයේ වැඩබලන අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන සිරාජුඩින් හක්කානි විසින් මෙම තීරණය කාබුල් නගරයේ පිහිටි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ පැවති මාරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කල සිය සාමාජිකයන්ගේ පවුල් හමුවූ අවස්ථාවේදී  ප්‍රකායට පත් කර ඇත.

    එහිදී අමාත්‍යවරයා සිය සාමාජිකයන් කළ පරිත්‍යාග අගය කර ඇති අතර දේශයේ වීරයින් ලෙස ඔවුන්ව හදුන්වාදී තිබේ.

    මෙහිදී මාරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ සාමාජිකයන්ගේ පවුල් වලට ඇමරිකානු ඩොලර් 111ක් සහ ඇදුම් පැලදුම් ලබාදී ඇති අතර ඉදිරියේදී ඉඩම් කැබලි ලබාදීමටද පොරොන්දු වී ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img