Home උණුසුම් පුවත් කඨින පිංකම්වලට අද දුන් අවසර‍ය

කඨින පිංකම්වලට අද දුන් අවසර‍ය

කඨින පිංකම්වලට අද දුන් අවසර‍ය

කඨින පිංකම් සඳහා අවසර ලබා දෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද (19) නව මාර්ගෝපදේශයක් නිකුත් නිකුත්කළේය.

ඒ අනුව කඨින චීවරය රැගත් පෙරහැර සංවිධානය කිරීම සඳහා සැදැහැවතුන් උපරිමය 50 දෙනෙකුට සහභාගි විය හැකි බව ද කඨින චීවර පූජාව සහ දවල් දානමය පිංකම සඳහා ද උපරිමය 50 දෙනෙකුට සහභාගී විය හැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නව මාර්ගෝපදේශයේ සඳහන් වේ.

තවද කඨිණ ධර්ම දේශනය පැවැත්වීම සඳහා ද උපරිම සැදැහැවතුන් 50 දෙනෙකුට සහභාගි විය හැකි යැයි එහි සඳහන් වේ.

මේ සියලු පින්කම්වල දී දුරස්ථභාවය, විෂබීජහරණය, මුහුණු ආවරණ පැළඳීම යනාදී සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පිළිපැදීම අනිවාර්ය බවද එහි සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here