Home උණුසුම් පුවත් දරුවන් නරක වැඩ කළොත් මාපියන්ට දඬුවම් දෙන්න චීනයේ නීති හැදේ

දරුවන් නරක වැඩ කළොත් මාපියන්ට දඬුවම් දෙන්න චීනයේ නීති හැදේ

දරුවන් නරක වැඩ කළොත් මාපියන්ට දඬුවම් දෙන්න චීනයේ නීති හැදේ

චීනයේ දරුවන්ගේ ‘ඉතා නරක හැසිරීම්’ හෝ ඔවුන් අපරාධ සිදුකළහොත් ඊට මාපියන්ට දඬුවම් ලබාදිය හැකි නීති සම්පාදනය කිරීම පිළිබඳ චීන පාර්ලිමේන්තුව සලකා බලමින් සිටින බව වාර්තා වේ.

පවුල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කෙරෙන නීති පිළිබඳ මේ වනවිට චීන පාර්ලිමේන්තුව තුළ කෙටුම්පත් කරමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි

ඒ අනුව පාසල් වයසේ දරුවන් අපරාධමය වැරදි හෝ නොමනා හැසිරීම් සිදුකළහොත් ඔවුන්ගේ මාපියන් හෝ භාරකරුවන්ට තරවටු කිරීම හෝ පවුල් අධ්‍යාපන මාර්ගෝප‍දේශනයට යටත්වීම පිළිබඳ නීති පැනවීමට සොයාබැලේ.

“නව යොවුන් වියේ දරුවන් වැරදි ලෙස හැසිරීමට හේතු බොහෝමයක් ඇති අතර පවුල් අධ්‍යාපනයේ ඌනතාවය හෝ නුසුදුසුකම ඊට ප්‍රධාන හේතුවක්” ජාතික මහජන කොංග්‍රසය (එන්පීසී) යටතේ වන ව්‍යවස්ථාදායක කටයුතු කොමිසමේ ප්‍රකාශක සැං ටයිවේ පැවසීය.

පවුල් අධ්‍යාපන ප්‍රවර්ධන පනත් කෙටුම්පත මගින් දරුවන්ට විවේක ගැනීමට, ක්‍රීඩා කිරීමට සහ ව්‍යායාම කිරීමට කාලය සලසා දෙන ලෙස දෙමාපියන්ට බලකර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here