තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකා ක්‍රිකට් පුරය වර්ණවත් කළ වර්ණපුර දිවි සැරියට සමුදෙයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් පුරය වර්ණවත් කළ වර්ණපුර දිවි සැරියට සමුදෙයි

    ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්වන විට 68 වන වියේ පසුවිය.

    බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කර තිබේ.

    1975-1982 කාල සමය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාගැනීම සඳහා කළ දුෂ්කර මෙහෙයුමේ දී සිය කණ්ඩායමට විශාල සවියක් ලබාදුන් ක්‍රීඩකයෙකි.

    පළමු ටෙස්ට් තරගයේ දී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට තරම් වාසනාවන්ත වූ ඔහු 1979 පැවති ලෝක කුසලානයේ දී ලංකා එක්දින ඉතිහාසයේ පළමු ජයග්‍රහණය ලබාගත් අවස්ථාවේ ද සිය කණ්ඩායමේ මෙහෙයවනු ලැබුවේය.

    කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අකුරු කළ බන්දුල වර්ණපුර මහතා නාලන්දාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පිලේද නායකත්වය දැරුවේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img