මුල් පිටුව උණුසුම් පුවත් පළමු හමුවේදීම විදුලි උගුලකට හසුවී පෙම්යුවල මරුට

පළමු හමුවේදීම විදුලි උගුලකට හසුවී පෙම්යුවල මරුට

0
Close up of couple holding hands; Shutterstock ID 127361729; PO: Brandon for Trending

කුරුදු ඉඩමක් වටා ඇද තිබුණු විදුලි උගුලකට හසුවීමෙන් කොළොන්න පිටවෙල දී පෙම්යුවලක් මියගොස් ඇත.

දික්වැල්ල වඩුමඩුවේ පදිංචිකරුවෙක් වන 26 වියැති තරුණයෙක් සහ කොළොන්න පිටවල පදිංචි 17 හැවරදි තරුණියක් මෙසේ මියගොස් තිබේ.

මෙම යුවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැන හදුනාගෙන ඇති අය බවත් පෙම්වතා ඊයේ පෙම්වතිය මුණ ගැසීමට තරුණියගේ නිවස ආසන්නයට යතුරු පැදියකින් පැමිණ ඇති බවත් පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

දෙදෙනා කතාබහ කරමින් සිටියදී නිවැසියන් ඒ බව දැකීම නිසා බියට පත්ව ඔවුන් යාබද කුරුදු වත්ත දෙසට දිවගොස් ඇති බවත් එහිදී විදුලි උගුලේ පැටලීමෙන් විදුලි සැර වැදී ඔවුන් මිය ගොස් ඇති බවත් පොලීසිය සදහන් කරයි.

මෙම යුවලගේ මළ සිරුරු හමුවී ඇත්තේ අද දිනයේදීය. විදුලි උගුල ඇටවූ වතු හිමියාවද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version