මුල් පිටුව උණුසුම් පුවත් සංචරණ සීමා මැද්දේ හෝටල් පිරේ

සංචරණ සීමා මැද්දේ හෝටල් පිරේ

0

සති අන්තයේ සංචරණ සීමා දැඩිකරන්නැයි ආරක්ෂක අංශවලට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළද එම නියෝග නිසි ලෙස ක්‍රියාත්මක වූයේදැයි ඇත්තේ සැබවින්ම ගැටළුවකි.

ඒ අදවන විට නුවරඑළිය, අනුරාධපුර, පොළොන්නරුව, කතරගම සහ සීගිරිය හා දඹුල්ල යන ප්‍රදේශ දේශීය සංචාරකයින්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණු බැවිණි. සංචාරක බංගලා, නිවාඩු නිකේතන පිරී ඉතිරී ගොස් තිබුණේ ඊයේ සිටය. ඉදිරි දින කිහිපය තුළ එම පැතිවල සංචාරක හෝටලයක කාමරයක් වෙන්කර ගැනීමට නැති තරම්ය.

පළාත් සංචරණ සීමා මෙතෙක් ඉවත්කර නැතත්, පළාත් අතර පොදු ප්‍රවාහන සේවාවන්ට අවසර ලබාදී නැතත් දෛනිකව රාත්‍රී කාලයට කොළඹ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මගී බස් රථ ධාවනය සිදුව ඇති බව තතුදත් තොරතුරු අනාවරණය කළේය.

කොළඹ සිට අක්කරෙයිපත්තුව, කල්මුණේ, කාතන්කුඩි, මඩකලපුව යන පැතිවලට වැඩි වශයෙන් මගී බස් රථ ධාවනය වී ඇති අතර ඒවා මරදාන, පුංචිබොරැල්ල ආදී ප්‍රදේශවල ලොජ් ආශිතව කලින් ආසන වෙන්කිරීමකින් පසුව ධාවනය වී ඇත.

ඊට අමතරව වැල්ලවත්තෙන් යාපනය බලාද මගී බස් රථ ධාවනය වී තිබේ. මෙම මගී බස් රථ සුඛෝපභෝගී බස් රථ වන අතර එක් ගමන් වාරයක් සදහා මගීන්ගෙන් රුපියල් 2500 යේ සිට ඉහළයට මුදල් අයකරන බවද තතුදත් තොරතුරු මගින් දැනගන්නට තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version