Home උණුසුම් පුවත් පාසල්වල යතුරු ප්‍රශ්නයක්

පාසල්වල යතුරු ප්‍රශ්නයක්

පාසල්වල යතුරු ප්‍රශ්නයක්

දේශපාලනඥයින් සහ පොලිස් ස්ථානාධිපතිවරුන්, විදුහල්පතිවරුන්ට බලපෑම් කරමින් පාසල්වල යතුරු ඉල්ලා සිටින බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලිඛිත ඉල්ලීමක් කළහොත් හැර පාසල්වල යතුරු පොලීසියට හෝ දේශපාලනඥයකුට ලබා නොදෙන බව ද ගුරු විදුහල්පතිවරු වෘත්තීය සමිති සන්ධානය තීන්දු කළ බව සන්ධානය නියෝජනය කරන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීය.

පාසල්වල භෞතික සම්පත් සියල්ලෙම වගකීම විදුහල්පතිවරයා සතු වන හෙයින් තුන්වැනි පාර්ශ්වයකට යතුරු භාර දිය නොහැකි බව ස්ටාලින් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here