Home උණුසුම් පුවත් කැලණිය නාරම්මිණිය අශෝකාරාමයේ වාහල්කඩ අද සසුනට පූජා කෙරේ

කැලණිය නාරම්මිණිය අශෝකාරාමයේ වාහල්කඩ අද සසුනට පූජා කෙරේ

කැලණිය නාරම්මිණිය අශෝකාරාමයේ වාහල්කඩ අද සසුනට පූජා කෙරේ

කැලණිය, නාරම්මිණිය, අශෝකාරාමයේ අභිනවයෙන් ඉඳිකළ ‘වාහල්කඩ’ සසුනට පූජා කිරීමේ පුණ්‍ය උත්සවය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියෙන් අද (17) උදෑසන 9.30 ට යෙදෙන සුබ මොහොතින් පැවැත්වේ.

කැලණිය රජ මහා විහාරාධිපති මාහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ සහ නාරම්මිණිය අශෝකාරාමාධිපති ශාස්ත්‍රපති කුරුඳුවත්තේ ඥානසිරි හිමියන්ගේ මග පෙන්වීම මත මෙම පිංකම පැවැත්වෙයි.

වාහල්කඩ සසුනට පුජා කරන අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ද වැඩම කරති.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සහ කැලණිය රජමහ විහාරස්ථ දායක සභාවේ සභාපති, අග්‍රාමාත්‍ය උපදේශක වෛද්‍ය සමන් වීරසිංහ මහතා සිය ධන පරිත්‍යාගයෙන් මෙම වාහල්කඩ ඉදිකර ඇත.

විහාරස්ථානයට පැමිණීමට ගූගල් ලින්කුව
96-72 Naramminiya Rd
https://maps.app.goo.gl/U4o3HVRTrG1XbqTt6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here