තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සියලුම ඇමතිවරුන්ට මාසයක් විදෙස් සංචාර තහනම්

    සියලුම ඇමතිවරුන්ට මාසයක් විදෙස් සංචාර තහනම්

    ලබන නොවැම්බර්‌ 12 වැනිදා සිට දෙසැම්බර් 10 දක්වා කාලය තුළ සියලුම අමාත්‍යවරුන්‌, රාජ්‍ය අමාත්‍යවරුන්ට නිල හෝ පෞද්ගලික විදේශ සංචාරවලින් වළකින ලෙස ජනාධිපති කාර්යාලය මගින් උපදෙස් දී තිබේ.

    එමෙන්ම අයවැය සැකසීම සඳහා ඍජුව දායකත්වය දක්වන සියලු රාජ්‍ය නිලධාරීන්ට ද මෙම කාලය තුළ විදේශ සංචාරවලින් වළකින ලෙසට සියලුම අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පීඑස්/සීඑස්ඒ/චක්‍රලේඛ/9/2021 අංක දරන චක්‍රලේඛයක් මගින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නියෝග කර ඇත.

    අයවැය සඳහා විශේෂ යෝජනාවන්‌ හඳුනාගැනීම සිදු කරන බැවින්‌, ඒ සඳහා සියළුම අමාත්‍යවරුන්‌, රාජ්‍ය අමාන්‍යවරූන්‌, අමාත්‍යාංශ ලේකම්වරුන්‌, දෙපාර්තමේන්තු ප්‍රධානීන්‌ හා අදාළ නිලධාරින්ගේ සෘජු දායකත්වය මුදල්‌ අමාත්‍යාංශයට ලබා දිය යුතු බව ජනාධිපතිවරයා විසින්‌ පෙන්වා දී තිබේ.

    2022 අයවැය ලේඛනය මේ චන විට සකස්‌ වෙමින්‌ පවතින බැවින්‌, මුදල්‌ අමාත්‍යාංශය අදාළ අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, විදේශ තානාපති සේවාවන්‌ හා ජාන්‍යන්තර සංවර්ධන අරමුදල්‌ ආයතන සමඟ තාක්ෂණික මට්ටමේ ඇගයීම්වල යෙදේ.

    අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කර ඇති අයවැය කාලසටහන අනුව, 2021 නොවැම්බර්‌ 12 වන දින මුදල්‌ අමාත්‍යවරයා විසින්‌ අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ඉන්පසු දෙවනවර කියවීමේ විවාදය මෙන්ම කාරක සභා විවාදයන්‌ පවත්වා දෙසැම්බර්‌ මස 10 වන දින අයවැය ඡන්ද විමසීමට සැලසුම්‌ කර ඇත.

    එබැවින්‌, මෙම කාලය තුළ අමාත්‍යවරුන්‌ නිල හෝ පෞද්ගලික විදේශ සංචාර සැලසුම්‌ නොකරන ලෙසද, අයවැය සම්පාදනයට මෙන්ම අයවැය විවාද සඳහාද පූර්ණ දායකන්වය ලබා දෙන ලෙස උපදෙස්‌ දී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය දන්වයි.

    විශේෂ අවස්ථාවන්‌ සඳහා විදේශ තානාපති කාර්යාලවලට විදේශ අමාත්‍යාංශය මගින්‌ අදාළ නියෝජනය ලබා දිය හැකි බව ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දෙයි.

    එබැවින්‌, අත්‍යාවශ්‍ය කටයුතු හැර වෙනන්‌ විදේශ සංචාරවලට මෙම කාලය තුළ සහභාගිවීමෙන්‌ වලකින ලෙස අමාත්‍යවරුන්‌, අදාළ නිළධාරීන්‌ දැනුවත් කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා දැනුම්‌ දී ඇත.

    ForeignTravel
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img