තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉරාන හිටපු මහ බැංකු අධිපති මහඋළුගෙට

    ඉරාන හිටපු මහ බැංකු අධිපති මහඋළුගෙට

    ඉරානයේ  මධ්‍යම බැංකුවේ හිටපු ප්‍රධානියාට මිලියන ගණනක මුදල් අයතා කළමනාකරණය කිරීමට දස වසරක සිර දඬුවමක් නියමවී ඇත.

    වර්ෂ 2013 සිට 2018 දක්වා ඉරානයේ මධ්‍යම බැංකුවේ අධිපති වශයෙන් කටයුතු කළ වලියොල්ලා සෙයිෆ් විසින් එරට ආර්ථිකය මෙහෙයනු ලැබීය

    එම කාලය තුලදී සෙයිෆ්  සහ ඔහුගේ දෙවැනියා විසින් එරට විදේශ විනිමය වෙළෙඳපොළට බලපෑම් කරමින් ආර්ථික කටයුතු වලට අනිසි බලපෑම් එල්ල කළ බවට චෝදනා එල්ලවී තිබිණි.

    මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයෙන් අනතුරුව ඉරාන අධිකරණ විසින් සෙයිෆ් එම චෝදනා වලට වැරදිකරු බවට තීන්දු කළ බව ඉරාන මාධ්‍ය සඳහන් කරයි.

    සෙයිෆ් සිය ධුර කාලයේදී විදේශ විනිමය වෙළෙඳපොළට එල්ල කළ බලපෑම් වලින්
    ඇමරිකානු ඩොලර් මිලියන 160ක් සහ යුරෝ මිලියන 20ක් අනිසි ලෙස කළමනාකරණය කර ඇති බවට චෝදනා එල්ලවී ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img