Home COVID උසස්පෙළ සිසුන්ට එන්නත් දීම 21 දා සිට රටපුරා

උසස්පෙළ සිසුන්ට එන්නත් දීම 21 දා සිට රටපුරා

උසස්පෙළ සිසුන්ට එන්නත් දීම 21 දා සිට රටපුරා

උසස් පෙළ සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන මේ මස 21 වැනි දින සිට දිවයින පුරා ආරම්භ කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි තෝරාගත් පාසල්වල එම එන්නත්කරන වැඩසටහන් ක්‍රියාත්මක වන බවද වෛද්‍යවරිය කීවාය.

උසස් පෙළ විභාගයට පෙනී සිටි සහ පෙනී සිටීමට නියමිත වයස අවුරුදු 18 – 19 අතර පසුවන දරුවන්ට එන්නත් ලබා දෙන අතර ෆයිසර් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට විද්වත් කමිටුව තීරණය කර ඇතැයිද චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය .

කිසියම් දරුවකුට පාසල දුර ප්‍රදේශයක පිහිටා ඇත්නම් එම දරුවාට තමන් පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් ඉන්න ලබාගත හැකි බවද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here