මුල් පිටුව විදේශීය පුවත් ඉකුත් වසරේ ජපාන ළමුන් අතර සියදිවි හානි කරගැනීම් ඉහළට

ඉකුත් වසරේ ජපාන ළමුන් අතර සියදිවි හානි කරගැනීම් ඉහළට

0

ජපානයේ පාසල් ළමුන් සියදිවි හානිකර ගැනීම් ඉකුත් වසරේදී සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.

ඒ අනුව ඉකුත් වසර තුලදී වයස අවුරුදු 6ත් 18ත් වල පසුවන දරුවන් 415දෙනෙකු සිය දිවි හානිකරගෙන ඇති බව ජපාන අධ්‍යාපන අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.

1974 වසරට පසු වාර්තා වූ ඉහළ මරණ සංඛ්‍යාව මෙය බවද අදාල වාර්තාව සදහන් කරයි.

ජපානය තුල පාසල් ළමුන් සියදිවි හානි කරගැනීම් වලට මූලික හේතු ලෙස පවුල් ආරවුල්, විභාග ප්‍රතිඵල පහත අගයක් ගැනීම හැදින්විය හැකි බවද එරට මාධ්‍ය පෙන්වා දෙයි.

සහන් රතනසේකර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version