Home උණුසුම් පුවත් අගමැති – ගුරු සංගම් පැය 3ක සාකච්ඡාවක් – තීන්දුව මෙන්න

අගමැති – ගුරු සංගම් පැය 3ක සාකච්ඡාවක් – තීන්දුව මෙන්න

අගමැති – ගුරු සංගම් පැය 3ක සාකච්ඡාවක් – තීන්දුව මෙන්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු සංගම් නියෝජිතයින් අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව ගුරු විදුහල්පති සංගම් සඳහන් කරයි.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ අනුව ගුරුවරුන්ගේ වැඩිවන වැටුප තුනට බෙදා ඉන් එක් අදියරක් ලබන ජනවාරි මාසයේදී ගෙවීමටත් ඉතිරි අදියර දෙකම 2023 ජනවාරි මාසේ ගෙවීමටත් අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් යෝජනා වුවද එය ගුරු සංගම් ප්‍රතික්ෂේප කළ බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීය.

අමාත්‍ය අනුකමිටුව යෝජනාවට අනුව වැඩි වන වැටුප එකවර ලබාදෙන්නේ ගුරු හා විදුහල්පති සංගම් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ඔහු කීය.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ වැඩිවෙන වැටුප අදියර දෙකකින් එනම් ලබන ජනවාරියේ සහ 2023 ජනවාරි මාසයේදී ගෙවිය හැකි බවය.

පැය තුනකට අධික කාලයක් පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වූ බවද ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා කීය.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව පිළිබඳව හෙට (13) පෙරවරුවේ කොළඹට කැඳවා ගුරු හා විදුහල්පති සංගම් සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගන්නා බව ද ස්ටාලින් කීය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here