Home උණුසුම් පුවත් ඉන්දීය යුද හමුදාපති අද දිවයිනට

ඉන්දීය යුද හමුදාපති අද දිවයිනට

ඉන්දීය යුද හමුදාපති අද දිවයිනට

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන් පස් දින සුහද සංචාරයක් සඳහා අද කොළඹට පැමිණේ.

ඒ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයෙනි.

මෙම සංචාරයේදී ජෙනරාල් නාරාවන් මහතා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරු හමුවීමට බලාපොරොත්තු වේ.

හෙට දින ජෙනරාල් නාරාවන් වෙත යුද හමුදා මූලස්ථානයේදී සම්ප්‍රදායානුකූලව ‘වර්ණවත් ආරක්ෂක භටයින් සහ අලංකාර ලෙස සැරසුණු විශේෂ ගෞරව ආචා’ පිරිනැමීමට නියමිතයි.

අනිද්දා දිනයෙය්දී නැගෙනහිර මාදුරු ඔය විශේෂ බලකා පුහුණු පාසලේදී පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ යන ද්විපාර්ශ්වික අභ්‍යාසයේ අවසන් නිරූපණය ඔහු විසින් දැකගනු ඇත.

ම්පාර දිස්ත්‍රික්කයේ සටන් පුහුණු පාසලේදී ත්‍රස්ත විරෝධී සහයෝගීතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පසුගිය සතියේ දින 12 ක කලාපයේ දැවැන්තම ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here