තවත්
    මුල් පිටුවදේශීය පුවත්රට පටවන්න හැදූ තාරකා ඉබ්බෝ 223 ක් සමග තුනක් අ ල්ලයි

    රට පටවන්න හැදූ තාරකා ඉබ්බෝ 223 ක් සමග තුනක් අ ල්ලයි

    හොර රහසේ මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යාමට සූදානම්කර තිබූ බවට සැකකරන තාරකා ඉබ්බන් 223 දෙනෙක් සමග ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙක් සහ මුල්ලේරියාවේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලීසිය සමත්ව ඇත.

    සෘජුෆෝම් පෙට්ටිවල දමා මෙම තාරකා ඉබ්බන් තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් කිරීමට සූදානම්කර තිබියදී මීගමුව කොප්පරාහංදිය අසලදී ඊයේ සවස අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

    ඉන්දියන් ජාතිකයන් දෙදෙනා මෙරට රැදී සිටිමින් මෙම ඡාවාරමේ නිරතව සිටින බව විිමර්ශන වලින් පෙනී ගොස් තිබේ. සැකකරුවන් අද මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    තාරකා ඉබ්බන් මෙරට සංරක්ෂිත සත්ත්වයෙක් වන අතර වලංගු බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබා ගැනීම හා ප්‍රවාහනය තහනම්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img