තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මීරිගම ටයර් කඩෙන් පුපුරණ ද්‍රව්‍ය මතුවේ

    මීරිගම ටයර් කඩෙන් පුපුරණ ද්‍රව්‍ය මතුවේ

    මීරිගම ටයර් වෙළද සැළක් තුළ හොර රහසේ පවත්වාගෙන ගිය පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත.

    මීරිගම මීගමුව පාරේ පිහිටි එම ටයර් වෙළද සැල තුළ බලපත්‍ර නොමැතිව ගබඩාකර ඇති පුපුරණ ද්‍රව්‍ය හොර රහසේ අලෙවි කරන බවට විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර ඇත්තේ ඊයේ රාත්‍රියේදීය.

    ගල්වැඩපොලවල්වල බහුල වශයෙන් ගල්වෙඩි දැමීමට භාවිතා කරන වෝටර් ජෙල් කූරු 81 ක්, ඇමෝනියා නයිට්ට්‍රික් කිලෝ 75 ක්, පිපිරවීම් සදහා යොදා ගන්නා විද්‍යත් නොවන ඩෙටනේටර් 107 ක්, සේවා නූල් මීටර් 360 ක් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර ඇතැයි විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

    මෙම පුපුරණ ද්‍රව්‍ය සමග ටයර් වෙළද සැලේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත. 39 වියැති ඔහු මීරිගම අක්කර 20 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෙම සැකකරුටද ගල්කොරියක් ඇති බවත් ඔහු ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කරමින් වැඩි වශයෙන් පුපුරණ ද්‍රව්‍ය රැස්කර වැඩි මිලට විකිණිමේ කටයුතු වල නිරතව සිටින බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

    විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයැවීමෙන් මෙම වැටලීම සිදුකර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img