Home දේශීය පුවත් හොර පාරෙන් ඉන්දියාවේ සිට රැගෙන ආ කහ බෙදන්න බැරිවෙයි

හොර පාරෙන් ඉන්දියාවේ සිට රැගෙන ආ කහ බෙදන්න බැරිවෙයි

0
හොර පාරෙන් ඉන්දියාවේ සිට රැගෙන ආ කහ බෙදන්න බැරිවෙයි

ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන එන ලද කහ කිලෝ 1864 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

ලොරි රථයකින් ප්‍රවාහනයකරමින් තිබුණු එම කහ තොගය ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

ගෝනහේන කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ මෙම වැටලීමේදී අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා මාවනැල්ලේ පදිංචිකරුවන්ය. අවුරුදු 47 හා 27 යන වයස්වල පසුවන එම සැකකරුවන් කහ තොගය ලොරි රථයකින් මාවනැල්ලට රැගෙන යාමට සූදානමින් සිට ඇත. එම ලොරි රථයද පොලිස් භාරයට ගෙන ඇතැයි විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here