Home දේශීය පුවත් දියවන්නාවේ කිඹුලෙක් පුද්ගලයෙක් ඩැහැගෙන යයි

දියවන්නාවේ කිඹුලෙක් පුද්ගලයෙක් ඩැහැගෙන යයි

0
දියවන්නාවේ කිඹුලෙක් පුද්ගලයෙක් ඩැහැගෙන යයි

දියවන්නා ඔයේ අතු ඇල මාර්ගයක් වන කිඹුලාවල ඇලේ කිඹුලෙක් විසින් ඊයේ සවස පුද්ගලයෙකුගේ සිරුරක් ඩැහැගෙන යන අයුරු කිහිප දෙනෙක්ම දැක තිබේ.

කිඹුලාවල පාලමට නුදුරු ප්‍රදේශයේදී කිඹුලා විසින් රැගෙන යන එම පුද්ගල සිරුර දුටු පුද්ගලයින් ජංගම දුරකතනවලද එය පටිගත කර ඇති බවද සදහන්ය.

එසේ කිඹුලා විසින් රැගෙන ගියේ ගොදුරක් බවට පත්කර ගත් පුද්ගලයෙකුගේ සිරුරක්ද එසේත් නැති නම් දියවන්නා ඔයට වැටී මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක්දැයි මෙතෙක් තහවුරුවී නැත.

කිඹුලා විසින් රැගෙන යන සිරුර දුටු කිහිප දෙනෙක් ඒබව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ. ඒ අනුව මිරිහාන පොලීසියේ නිලධාරීන් එහි පැමිණ පරික්ෂා කිරීමේදී කිඹුලා විසින් අතහැර ගොස් තිබුණු සිරුර ඇලේ තිබී සොයාගෙන ඇත. ඒ අනුව පොලීසිය නාවික හමුදාව කැදවා සිරුර ගොඩ ගෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පවත්වා සිරුර කළුබෝවිල රෝහල් මෘත ශරීරාගාරයට රැගෙන ගොස් තිබේ.

මෙසේ කිඹුලා විසින් රැගෙන ගොස් ඇත්තේ තලවතුගොඩ පදිංචිව සිටි 80 වියැති පුද්ගලයෙක් බව අද උදෑසන හදුනාගත් බව මිරිහාන පොලීසියේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

මෙම පුද්ගලයා මිය ගිය පසු කිඹුලා ඩැහැගත්තේද නැතිනම් කිඹුලා විසින් ඩැහැ ගැනීමෙන් ඔහුගේ මරණය සිදුවූවාද යන්න පිළිබදව අද පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුකර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here